කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමට පෙර, ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තීරණය කර තිබේ.
මෙම කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට එකඟතාවකට පැමිණ තිබේ.
සතියකට වරක් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් විසින් කැබිනට් පත්‍රිකා රැසක් ඉදිරිපත් කරන අතර, එහිදී ඇතිවන අපහසුතාවළක්වාගැනීමේ අරමුණින් මෙම නව කමිටුව පත්කර ඇත.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කටයුතුආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර ගැටුමකින් තොරව පවත්වාගෙන යා යුතු බැවින් කැබිනට් මණ්ඩලයට පෙර මෙලෙස සාකච්ඡා කිරීම සුදුසු බව එක්සත් ජාතික පෙරමුණුආමාත්යවරුන් විසින් පෙන්වාදී තිබේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලයට පෙර රැස්වන පළමු කමිටු රැස්වීම අද (01දා) පස්වරු 3.00ට අරලියහමන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර, කැබිනට් මණ්ඩල රැස්වීම හෙට (02දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙලෙස විශේෂ කමිටුවක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කළේදැයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් 'අද' පුවත්පත කළ විමසීමේදී අමාත්‍යවරයා මේබව තහවුරු කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අපි ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේදී ජනාධිපතිවරයා සමග ප්‍රශ්න ඇති නොවන ලෙස පවත්වාගෙන යා යුතුයි. ඒවගේම පසුගිය මාස දෙක තුළ ඇතිවුණ දේශපාලන කුමන්ත්‍රණය නිසා රට වසර 02කින් පමණ පසුපසට ගියා. මේසියලු දේවල් යථා තත්ත්වයට පත් කිරීමට අපට ගොඩක් වැඩ කරන්න තිබෙනවා. ඒගමනේදී බාධා ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ.
අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මේනිසාම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වුණ වෙලාවේ මෙහෙම යෝජනාවක් ආවා. අපි එයට කැමතිවුණා. කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා ඉදිරිපත්කිරීමට ප්‍රථම මේ කමිටුවේදී ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා"යනුවෙන් කියා සිටියේය.