කප්පම් ඉල්ලූ ගුවන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට
කල්පිටියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස ඉල්ලූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කල්පිටිය පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අද දිනයේදි හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
-
කැලිස්ටා Tuesday, 08 June 2021 03:23 PM
මේ වසර 73 ම රට පාලනය කල හොරු රටට කල සේවය අද ලෝකෙටම නය කරුවන් කර ඇත රට අද විකුණා දමා ඇත කුඩු වලින් රට සුවයන් පෝෂිත කර ඇත වසර පහෙන් පහට පැමිණ උන් මඩිය තරකර ගෙන ඇත ජනතාවට සිදුවී ඇති එක දෙයක් ඇත්නම් ඒ දුගී බව පමණී තොපි දෙගොල්ලම දැන් අතුගා දැමීමට ජනතාව පෙල ගැසෙනු ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

