යාපනේ සිට පැමිණ මාතලේ කළුදෑවල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු ලෙස පෙනි සිටිමින් මහා පරිමාණයෙන් මාතලේ නගරයට හා අවට නගරයන් වෙත ගංජා අලෙවිකළ පුද්ගලයෙකු අද (25) වන දින සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා යාපනේ ප්‍රදේශයේ සිට මාතලේ ප්‍රදේශයට ගංජා රැගෙනවිත් ඔහු තාවකාලිකව පදිංචි වි සිටි මාතලේ මණ්දන්ඩාවෙල රත්තොට පාරේ කඩ කාමරය තුළදී ගංජා අළෙවි කරමින් සිටියදි ගංජා ග්‍රෑම් 400ක් පමණ හා එම ගංජා පැකට් කිරිම සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම වැටලීම මාතලේ දුෂණ මර්දන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව සිදු කර තිබේ.
අදාළ සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් ගංජා තොගය හා උපකරණ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ - රවීන්ද්‍ර විරාජ්