ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයන් 6,200ක් වොෂිංටන් ඩී.සී. වෙත කැඳවා ඇති බවත්, ඔවුන්ගෙන් 850 බැගින් වරකට කැපිටල් ගොඩනැගිල්ල වටාත්, අනෙක් පිරිස නගරය පුරාම සහ ආරක්ෂක රථවලින් නගරයේ සැරි සරමින් ආරක්ෂක කටයුතුවල නිරත වන බව එක්සත් ජනපද යුද හමුදා ලේකම් රයන් මැකාර්ති පවසයි.
මේරිලන්ඩ්, වර්ජිනියා, නිව් ජර්සි, නිව් යෝර්ක්, ඩෙලවෙයාර්, පෙන්සිල්වේනියා සහ ඩීසී ඒකකවලින් පැමිණි ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයන් අවම වශයෙන් දින 30ක් සඳහා යොදවා ඇති අතර, සති අන්තයේදී තවදුරටත් සාමාජිකයන් කැඳවෙනු ඇති බවද කියයි.
එමෙන්ම ඔවුන් කැපිටල් ගොඩනැගිල්ල වටා අඩි 7ක් උස තාවකාලික ආරක්ෂිත තාප්පයක් ඉදිකිරීමටත්, ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, වෙනත් නීතිය ක්රියාත්මක කරන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් මැකාර්ති පවසයි.
ජනවාරි 20දා පැවැත්වීමට නියමිත ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේදී ආරක්ෂාව සහිතක කිරීම සඳහා මේ ආකාරයෙන් කටයුතු කරන බවද පවසා ඇති අතර, විශේෂයෙන්ම පැවති ප්රචණ්ඩකාරී සිදුවීම් පාලනය කරගැනීමට කැපිටල් ගොඩනැගිල්ලේ කටයුතු කළ පොලීසියට නොහැකි වීමත් සමග මෙසේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කර ඇත්තේ වොෂිංටන් ඩීසී වෙත දින 15ක මහජන හදිසි තත්ත්වයක්ද ප්රකාශයට පත්කර ඇති පසුබිමකය.