එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලේ බදාදා ඇති වූ කෝලාහලය නිසා කොරෝනා වෛරසයේ ඉහළ යෑමක් මෙන්ම, මහජන සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් අනතුරු අඟවයි.
රෙඩ්ෆීල්ඩ් කැරලි කෝලාහලය ඉතා කණගාටුදායක දිනයක් ලෙස හැඳින්වූ අතර, කොරෝනා වෛරසය දිගින් දිගටම පැතිරෙමින් තිබූ අවස්ථාවක කොංග්‍රසයේ සාමාජිකයන් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් ට්‍රම්ප් ගැති මැර පිරිසට නිරාවරණය වීමට ඉඩ තිබූ බවද කියයි.
"මෙය තවත් ඉහළ යාමේ සිදුවීමක් යැයි ඔබ අපේක්ෂා කළ යුතු යැයි මා සිතනවා. ඔබ බොහෝ දුරට කැපිටල් ගොඩනැගිල්ලට කිසිදු සමාජ දුරස්ථභාවයකින් තොරව පැමිණි අයෙකු නම් ඔබ අනිවාර්යෙයෙන්ම වෛරසයට නිරාවරණය වී තිබෙනවා" රෙඩ්ෆීල්ඩ් පැවසීය.
"එවිට මේ සියලු දෙනා කාර්, දුම්රිය හා ගුවන් යානාවලින් රට පුරා දැන් තම තමන්ගේ ගෙවල්වලට යනවා. ඒ නිසා මෙය සැලකිය යුතු ලෙස වෛරසය පැතිරීමේ සිදුවීමකට තුඩු දෙන සිදුවීමක් යැයි මා විශ්වාස කරනවා." රෙඩ්ෆීල්ඩ් පැවසීය.
බ්‍රහස්පතින්දා එක්සත් ජනපදය ප්‍රථම වරට කොරෝනා වෛරසයෙන් දෛනිකව 4,000 කට වඩා මිය ගිය බව වාර්තා විය. රෙඩ්ෆීල්ඩ් අනතුරු ඇඟවූයේ එම සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇති බවයි.
"අපි දිනකට 2,500-5,000 අතර මරණ අනුපාතය දිගටම දකිනවා" රෙඩ්ෆීල්ඩ් පැවසීය. "මෙය ජනවාරියේ සහ පෙබරවාරියේ මුල වනවිටත් නරක අතට හැරෙනු ඇති."
"අපි වර්තමාන ඉහළ යෑමේ උපරිමයට පැමිණ නැහැ" ඔහු පැවසීය. "පැහැදිලිවම, අප බොහෝ දෙනෙක් අවධාරණය කිරීමට උත්සාහ කරන පරිදි, අප දකින මරණ ප්‍රමාණය, පර්ල් වරායේ හෝ 9/11 හි අප දුටු ප්‍රමාණයට වඩා වැඩියි. අවාසනාවකට මෙන් අපි දැන් අත්විඳින වසංගතයේ ස්වභාවය එයයි."