එක්සත් ජනපද වොෂිංටන් ඩී.සී. හි කැපිටල් ගොඩනැගිල්ල අසලදී ආයුද සන්නද්ධව සිටි වර්ජිනියාවේ වෙසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
කැපිටල් අසල මුරපොලක් පසුකර යාමට තැත් කිරීමේදී තුවක්කුවක් සහ පතොරම් 500කට වැඩි ප්රමාණයක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මෙට්රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් වාර්තා කරයි.
වර්ජිනියාවේ ෆ්රන්ට් රෝයල්හි වෙස්ලි ඇලන් බීලර් ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, වැඩිදුර විමර්ශන සිදුවන බවත් පවසයි.
විශේෂයෙන්ම ලබන බදාදා ජෝ බයිඩන්ගේ ජනාධිපති පදවි ප්රාප්තියට පෙර වොෂිංටන් ඩී.සී. ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ වනවිට නගරයේ වීදි හිස්ව පවතින අතර, පසුගිය සතියේ වොෂිංටන් ඩීසී හි සිදුවූ මාරාන්තික කැපිටල් කෝලාහලවලින් පසුව ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල රැසක් සහ ජාතික ආරක්ෂක භටයන් දහස් ගණනක් වොෂින්ටනයට ගෙන්වා තිබේ.