කොවිඩ්-19 වසංගතය හමුවේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් රැස්කළ දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයෙකු වූ කැප්ටන් ටොම් මූර්ගේ අභාවය ලොවම කම්පාවට පත් කළේය.
කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර දින කිහිපයකට පසුව ඔහු පසුගිය අඟහරුවාදා සිය දිවි ගමනට සමුදුන් බව ඔහුගේ පවුලේ ඥාතීන් තහවුරු කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ දියණියන් වන හැනා ඉන්ග්‍රම්-මූර් සහ ලුසි ටෙක්සෙයිරා කියා සිටියේ තම ළමා කාලය සිහිපත් කරමින් තම ජීවිතයේ අවසාන පැය ගණන දුරස්ථව සිට වුවද ඔහු සමග ගත කිරීමට හැකි වූ බවය.
මූර් පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී සෞඛ්‍ය සේවය සඳහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන විට ජාත්‍යන්තර සිරස්තලවල ඔහු කැපී පෙනුනේය
තමාගේ 100 වැනි උපන්දිනයට පෙර යාර 50ක් දිග උද්‍යානය වටා පියවර 100ක් ඇවිදීමට ඔහු පොරොන්දු වූ අතර මුලින් බලාපොරොත්තු වූයේ ස්ටර්ලින් පවුම් 1,000ක් රැස් කිරීමය. නමුත් ඔහු අවසානයේ රටේ සෞඛ්‍ය සේවය සඳහා පවුම් මිලියන 33ක් (ඩොලර් මිලියන 41) රැස් කළේය.
දෙවැනි එලිසබෙත් රැජින මුර්ගේ පවුලට පෞද්ගලික ශෝක පණිවිඩයක් යවා ඇති බව බකිංහැම් මාලිගය පැවසූ අතර, පසුගිය ජූලි මාසයේදී වින්ඩ්සර් කාසල් හි පැවති උත්සවයකදී මුර් වෙත රැජින විසින් නයිට් පදවියක් පිරිනැමුවේ, ඔහුගේ මේ සුවිශේෂී අරමුදල් රැස්කිරීමේ කාර්යයට උපහාරයක් ලෙසිනි.
පිළිකා තත්ත්වයක් ඇතුළු රෝගාබාධ රැසකින් පීඩා විඳි මූර්, කොවිඩ්-19 සමග ඇති වූ සංකූලතා සමග මෙසේ සිය දිවි ගමනට සමුදී තිබුණි.