9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කෝප් කමිටුවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා පත්කර ගෙන තිබේ.
කෝප් කමිටුවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේ රැස්වු අතර එහිදී නව සභාපතිවරයා තෝරා පත්කරගෙන තිබේ.
ඔහුගේ නම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර ජයන්ත සමරවීර මහතා එය ස්ථිර කළේය.
කෝප් කමිටුවේ සභාපති තනතුර සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටියේය.