කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියි.
මීට අමතරව කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය ආවරණය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, පසුගිය කෝප් කමිටු කාලයේදී එම කටයුක්ත සිදු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
කෝප් කමිටුවේ විමර්ශන කටයුතු සිදුවන අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීමට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගි කරගත යුතු බවත්, ඉන්පසුව නඩු පැවරිය හැකි කාරණාවලට ඍජුවම නඩු පැවරිය හැකි ක්‍රම‘යක් සකස් කළ යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
කෝප් කමිටුවට අමාත්‍යවරුන් පත් කරනු ලබනවා නම්, අදාළ අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් කාරණයක් පිළිබඳ කෝප් කමිටුවේ සාකච්ඡා සිදුකරන අවස්ථාවේදී අමාත්‍යවරයා තාවකාලිකව එම විමර්ශන අවසන් වන තෙක් ඉවත්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.