කඳුකර වනාන්තර ආසන්නයේ පදිංචි පාරම්පරික හේන් ගොවියන්ට රජය ඇතුලු විවිධ පාර්ශව මගින් යොදා ඇති තහංචි හේතුවෙන් ඔවුහු හේන් ගොවිතැන අත්හැර දමන තත්වයකට පත්ව සිටින අතර දැඩි ආර්ථීක පසුබෑමකට ලක්ව සිටිති.
තම එකම ජීවන මාර්ගය වූ හේන් ගොවිතැනට මේ අයුරින් බාධා එල්ලවීම හේතුවෙන් තම දරුපවුල් නඩත්තුකරගත නොහැකි තත්වයකට පත්ව සිටිතැයිද ඔවුහු පවසති.
විශේෂයෙන්ම මෙම තත්ත්වය මත සිය එකම ජීවන මාර්ගය හේන් ගොවිතැනකර ගත් මිණිපේ ගොවි ජනපදය ආශ්රිත කඳුකර ප්රදේශවල ජීවත්වන ගොවීහු අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
මිනිපේ මහ ගොවි ජනපදයේ බටහිර දිසා මායිමේ රන්දෙණිගල ජලාශ මායිමේ සිට හසලක ඔය දක්වා විහිදි ඇති කඳුකර වනාන්තර එක් කොටසක් වනජිවී අභයභූමි කලපයට අයත් වන අතර හසලක ඔය ඉවුරේ සිට හීන්ගඟ මායිම දක්වා වු කඳුකර මහවනය කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය.
මෙම ආයතන දෙකට අයත් භූමි ප්රදේශවල පාරම්පරික ගම්මාන රාශියක් ද පිහිටා තිබේ. මෙම වනාන්තරයේ පිහිටි ගම්මානවල පදිංචි බෙහෝ ගැමියන්ට සින්නක්කර බලපත්ර සහිත හා රජය විසින් ලබා දුන් වෙනත් බලපත්ර සහිත ඉඩම් ද ඇති බව කියයි. එහෙත් එම ඉඩම් වනජිවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන නිසා අදාල ඉඩම් සංවර්ධනය කිරිමේ ගැටළුවකට තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති බවද ඔවුන් සදහන් කරති.
ගොවි ජනපදයේ බටහිර මායිමේ පිහිටි මහ වනය ආසන්නයේ සහ කඳුකර මහවනයේ පිහිටි ගම්මානවල පදිංචි බොහෝ පිරිස් සිය ගම්මානයට ආසන්න මායිමේ පිහිටි ළඳු කැලෑව එළ පෙහෙළි කරගෙන වර්ෂා කාලයට පමණක් විවිධ ආර්ථික බව බෝග වගා කරගනු ලබයි. මෙම වගාව ගැමියාගේ පවුලේ ආර්ථිකයට විශාල සහනයක් මෙන්ම ශක්තියක් ගෙන දෙන බව ද ඔවුහු පවසති. වසර පුරාම සිය පවුලු නඩත්තු කරන්නේද මෙවැනි හේන් වලින් ලැබෙන සොච්චම් ආධායමෙනි.
එහෙත් ඇතැම් ගම්මානවල ජනතාව පාරම්පරිකව කරගෙන පැමිණි මෙම හේන් ගොවිතැනට අද තහංචි වැටීමට හේතු වී ඇත්තේ වනසංරක්ෂණයට අයත් ප්රදේශය නකලස් දැඩි රක්ෂිතය වශයෙන් ප්රකාශයට පත්කර ඇති නිසා සහ වනජිවි දෙපාර්තමේන්තුවට අයත් එම ප්රදේශවල කැලෑව එළි පෙහෙළි කිරිම තහනම් කිරිමට රජය පියවර ගෙන තිබිම නිසා වෙන්බවද හේන් ගොවියෝ පවසති.
විශේෂයෙන් මෙම කදුකර මහවනයේ පිහිටි ගම්මානවල බොහෝ ගැමියාට ස්ථීර ආදායම් මාර්ග ලැබෙන ක්රමවේද එම ගම්මානවල නොමැති අතර ගමේ ඇති කුඹුරු ඉඩමද සීමිත පිරිසක් අතරේ බෙදි ගොස් ඇති බව කියයි. ජනපදයේ ගම්මානවලින් දුරස්ව කිලෝ මීටර් හතර පහ වැනි දුර පිහිටි මේ ගම්මානවල ගැමියාට ජනපදයට පැමිණ කුලි රැකියාවක් හෝ වෙනත් ආදායම් උපයන මාර්ගයක නිරතවීමට නොහැකි වී ඇත්තේ ගමේ සිට ජනපදයේ අදාල කර්මාන්තයට ගමන් කිරිමට ඇති දුර හේතුවෙන් බව සදහන් කරයි. මේ ගම්මානවලට ගමන් කිරිමට ඇත්තේ මහවනය මැදින් වැටි ඇති පා ගමන් මාර්යන් ගෙනි.
පාරම්පරික වගාවක් වශයෙන් හැදිවෙන එක් කන්නයකට පමණක් වගා කරනු ලබන මෙම හේන් ගොවි තැනට වැටී ඇති තහංචිය ලිහිල් කර තමන්ට සහනයක් ලබා දිමට අදාල අංශ අවධානය යොමු කරනවා නම් එය ජාතික ආහාර නිශ්පාදනයට මෙන්ම තම ආර්ථිකයටද ශක්තියක් වනු ඇති බවද ඔවුහු සදහන් කරති.
එන්. කේ. නිශ්ශංක




