චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගමේ නිෂ්පාදනයක් වන කැන්සිනෝ කොවිඩ්-19 එන්නත මගින් රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 74.8%ක කාර්යක්ෂමතාවයක් සහ තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලදී පාකිස්තානුවන් අතර දරුණු රෝග වැළැක්වීමේ 100%කම සාර්ථක ප්‍රතිශතයක් පෙන්නුම් කළ බව එරට අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර වෛද්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.
මේ අතර, මොරොක්කෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේ එරට වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනයට චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත ලබාදීමට අනුමත කළ බවයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මෙම එන්නත වඩාත් යෝග්‍ය යැයි විස්තර කළ අතර, එන්නත් දෙකකින් පසු වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවන අනුපාතය 97%ත් 100%ත් අතර බවද සඳහන් කර ඇති බව චීන මාධ්‍ය පවසයි.