චීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී නිමවුම් ද්‍රව්‍ය දෙවැනි තොගයත් ඊයේ (11දා) මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ.
මෙම නැව්ගත කිරීම් තොගයත් සමග මෙක්සිකෝවට මේ දක්වා කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 5ක් නිපදවීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී නිමැවුම් ද්‍රව්‍ය ලැබී ඇති බව එරට මාධ්‍ය පවසයි.