කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේදි කාන්තාවක් එල්ල කළ කැති පහරින් තමන්ගේ නිවසේ ජීවත්වූ ඥාති බාප්පා මරුමුවට පත්වි සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඝාතනයවි ඇත්තේ කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරිදේව ප්‍රේමසිරි නමැති හැත්තැපස් හැවිරිදි සිවු දරු පියෙකි.
බරපතල තුවාල ලබා ඇත්තේ එම ලිපිනයේම පදිංචි කැතිපහර එල්ල කළ කාන්තාවගේ සැමියා වන පනස්අට හැවිරිදි තිදරු පියෙක් වන ඉලන්දාරිදේව ගුණරත්න නමැත්තෙකි.
කැති පහර එල්ල කළ කාන්තාවත් ඇයගේ සැමියා හා සැමියාගේ පියාගේ සොහොයුරකු වන ඥාති බාප්පාත් එකම නිවසේ ජීවත්වි ඇති බවත් ඊයේ (31)රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් මත මේ කාන්තාව සිය සැමියාට හා ඥාති බාප්පාට නිවසේ තිබු කැත්තගෙන පහරදි ඇති බවත් පොලීසිය කියයි.
ඇයගේ කැති පහරින් අංශභාගී රෝගයෙන් ඇවිදගෙන යාමට නොහැකිව සිටි ඥාති බාප්පා එතනම මරු මුවට පත්වි ඇති බවත් සිය සැමියා කැති පහර කාගෙන දිව ගොස් ඇති බවත් පොලීසිය කියයි.
බිරිදගේ කැති පහරින් තුවාල ලැබු සැමියා පලමුව අල්පිටිය මූලික රෝහලටත් ඔහුගේ තත්ත්වය බරපතල හෙයින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවත් පවසන පොලීසිය
කියයි.
ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
කැති පහරදි ඥාති බාප්පා ඝාතනය කල මේ කාන්තාව ඊයේ (31) රාත්‍රියේම ඇයගේ නිවසේ සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මේ සැකකාරිය සිය මානසික ආබාධයකට දීර්ඝ කාලීනව බෙහෙත් පාවිච්චි කරන තැනැත්තියක් බව මූලික පරීක්ෂණ වලදි අනාවරණයවූ බවද පොලීසිය කියයි.
ඝාතනයවූ තැනැත්තාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට ඊයේ (31 )රාත්‍රියේදීම ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා සිද්ධියවූ ස්ථානයට ගියේය.
ඝාතනයවූ තැනැත්තාගේ දේහය ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛදවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය .
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත