කැනඩාව ප්‍රථම වරට බ්‍රිතාන්‍යයෙන් අනාවරණය කරගත් කොරෝනා වෛරසයේ අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදය සහිත ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා කර තිබේ.
තහවුරු කරන ලද සිද්ධි දෙක කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හි ඩර්හැම් කලාපයේ යුවළකි. මෙම යුවළ දන්නා සංචාරක ඉතිහාසයක්, නිරාවරණයක් හෝ අධි අවදානම් සම්බන්ධතා නොමැති අය වීමද විශේෂත්වයකි.
"මෙය තවදුරටත් ඔන්ටාරියානුවන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමේ අවශ්‍යතාය තවදුරටත් තහවුරු කරනවා. අද සිට ඇරඹෙන පළාත පුරා වසා දැමීමේ පියවර ඇතුළුව සියලුම මහජන සෞඛ්‍ය උපදෙස් දිගටම අනුගමනය කළ යුතුයි" යනුවෙන් ඔන්ටාරියෝ රජය පැවසීය.
එසේම, කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ හඳුනාගත් සිද්ධි දෙක කැනඩාවෙන් පිටත නොපැමිණි බැවින් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ අන් අය සමග සම්බන්ධතා සීමා කිරීම, ඕනෑම වෛරස ප්‍රභේදයක් සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා වැදගත් බවය.
මෙම කොවිඩ්-19 ප්‍රභේදය පිළිබඳ කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන් කැනේඩියානු රජය දෙසැම්බර් 20දා සිට 2021 ජනවාරි 6දා දක්වා බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන සියලුම ගුවන් ගමන් තහනම් කළේය.