කැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
ඊයේ දින රාත්රීයේ නවගමුව රණාල ප්රදේශයේදී වයස අවු.46ක්වු මෙම කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය යම් ප්රදේශයකට ගොස් කුලි පදනම මත නිවසක් ලබා ගනිමින් තමන්ට පවුල් ප්රශ්න ඇති බවත් එම නිසා තමන් ආරක්ෂාව සඳහා මෙලෙස පදිංචියට ආ බවත් හඟවයි.
ඉන් පසු තමන් ධනවත් පුද්ගලයෙකු බවත් කැනඩාව සමඟ තමන්ට නොයෙකුත් සම්බන්ධතා ඇති බවක් හඟවා නිවැසියන් මෙලෙස වංචාවට ලක් කරයි.