කැනඩාවේ බුද්ධි සේවයේ කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති අතර, එහි අධ්යක්ෂ ඩේවිඩ් විග්නෝල්ට් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඒජන්සිය තහවුරු කළේය.
කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය දේශීය මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ විග්නෝල්ට් මෑතකදී කොවිඩ්-19 සඳහා ධනාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස නිවසේ සිට වැඩ කරමින් සිටින බවයි.
එම බුද්ධි සේවය පැවසුවේ එහි සමහර කාර්යාලවල කොවිඩ්-19 පැතිරයාම සීමිත හා මේ වනවිට පාලනය කර ඇති බවයි.
කෙසේ වෙතත් දැනට කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බුද්ධි නිලධාරීන් හුදකලා වී සිටින බවත්, වැඩිදුර ප්‍රතිකර අවශ්‍ය වුවහොත් ඒ සඳහාද සූදානම් බවත් කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය වැඩිදුරටත් පවසයි.