සංචාරක තහනමක් ඇතුළුව දින 14 ක නිරෝධායන නීති සහ සති ගණනක අගුලු දැමීම්වලට මුහුණ දී සිටින කැනේඩියානුව ජනතාව කෝපයට පත්ව තිබෙන්නේ, මෙම නීති හඳුන්වා දුන් හා සකස් කරන ලද දේශපාලඥයන් සහ රජයේ සේවකයන්ම එම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන බවටය.
එහිදී නිවාඩු සැලසුම් හා විනෝද චාරිකා අවලංගු කරන ලෙස කැනේඩියානුවන්ට පැවසීමෙන් පසු, ඉහළ පෙළේ දේශපාලඥයන්, මහජන සෞඛ්‍ය ප්‍රධානීන් සහ රෝහලක ප්‍රධාන විධායක නිලධාරියෙකු පවා විනෝද චාරිකා ගොස් ඇති බවට චෝදනා නැගෙයි.
ඒ අනුව සාමාන්‍යයෙන් කැනේඩියානුවන්ගෙන් බලාපොරොත්තු නොවන අසාමන්‍ය විරෝධයක් ඔවුන් වෙත එල්ල වී ඇති අතර, මේ සම්බන්ධයෙන් පාපොච්චාරණය කරමින් ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට චෝදනා නැගෙයි.
විශේෂයෙන්ම කොවිඩ්-19 ආසාදනවලින් රටේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ඇල්බර්ටා හි දේශපාලඥයන් අට දෙනෙකු විදේශ ගත වූ බව පිළිගෙන තිබේ.