කැනඩා රැකියා සඳහා වීසා ලබා දෙන බව අන්තර්ජාලයේ විවිධ දැන්වීම් පළ කර සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු අඹු සැමි යුවලක් ඇතුළු පස් දෙනෙක් 29 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචා කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි තුනක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශනය අංශය මගින් කරන ලද විමර්ශනයක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
වෙබ් අඩවියක පළ කළ දැන්වීම් මගින් අවම ලේඛන සංඛ්‍යාවක් සහිතව කැනඩා රටට යාම සඳහා වීසා ලබාදෙන බවට සඳහන් කරමින් එම දැන්වීම් සඳහා ප්‍රතිචාර දක්වන පුද්ගලයින් හට ඔවුන්ගේ නමින් බැංකු ගිණුමක් විවෘත කර ඒ මුදල් තැන්පත් කර වත්කම් පෙන්වන ලෙසටත් ,එම වීසා ලබාගැනීම සඳහා ඉල්ලුම්කරුගේ පුද්ගලික දත්ත විස්තර සමඟ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ,උප්පැන්න සහතිකයේ පිටපතක් පමණක් අවශ්‍ය බව දන්වා එම විස්තර වට්ස්ඇප් ඔස්සේ යොමු කරන ලෙසටත් ජංගම දුරකථන අංකය ද ඉල්ලුම්කරුගේ නමට තිබිය යුතු බවට වැඩිදුරටත් සඳහන් කරමින් මෙම මුදල් වංචාව සංවිධානාත්මකව සිදු කර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණ වූ බව පොලීසිය කියයි
මෙම වංචාව සඳහා පෙනී සිටින කාන්තාව ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බව පොලීසිය කියයි
මෙම වංචාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් හසු වී ඇති අතර මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතින බව එයින් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
කදාන, නිට්ටඹුව ,ගාල්ල, අනුරාධපුරය ,ගිරිඋල්ල , කොළඹ හා රාගම පුදේශවල මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදුවී ඇති බවට දුරකථන විශ්ලේෂණ වලින් තහවුරු වී ඇතැයි එම පොලිස් නිලධාරියා පැවසීය
මෙම වංචාවට හසුවන්නන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ඔන්ලයින් පහසුකම යටතේ වෙනත් ගිණුම් සඳහා යොමුකර මෙම මුදල් වංචාව සිදු කර ඇති අතර මේ සඳහා එම තැනැත්තන්ගේ දුරකථන අංකය එම පාරිභෝගිකයා ලෙස සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් සිම් පත නැති වූ බව දැනුම් දී එම අංකයට නව සිම් පතක් ලබාගෙන ඔන්ලයින් බැංකු පහසුකම් ඔස්සේ මුදල් මාරු කිරීම සඳහා බැංකු ගිණුමට අදාළ රහස් කේත ගෙන්වාගෙන අදාල ගිණුම හිමි පුද්ගලයා බවට බැංකුව සහ දුරකථන සමාගම්ද රවටා මහා පරිමාණ වංචාව සිදු කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් නවීන තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වී අන්තර්ජාල ආවේක්ෂණයේ යෙදී සිටිමින් විශේෂ මෙහෙයුමක් සිදු කර මෙම මහා පරිමාණ වංචාව මෙහෙය වූ සැකකාරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ රද්දොළුගම, කදාන ,මාරවිල, මැල්සිරිපුර හා ගල්කුලම ප්‍රදේශවල දී බව පොලිසිය කියයි
මෙවැනි වංචාවට අසූ යම් අයකු ඇත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112326979 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි .
බිමල් ශ්‍යාමන් ජයසිංහ