කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි තුනකට අනුව සිදු කළ වැටලිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන,මාරවිල,රද්දොළුගම,මැල්සිරිපුර සහ ගල්කුලම යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.