කථානායක කරු ජයසූරිය මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට අවශ්‍ය ලෙස කටයුතු කරන බවත් ඔහු ස්ථාවර නියෝග අනුව කටයුතු නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.
අද (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ වන විට සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 100ක් ඇතත් විපක්ෂානයක ධූරය සන්ධානයට ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.