කථානායක මාධ්‍ය ලේකම්වරයා වෙනත් අයෙකු සමඟ කරන ලද දුරකථන සංවාදයක් ඔහුගේ ජායාරූපයක් සමඟ ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන බව ඔහු පවසයි.
මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකසන ලද්දක් බවත් එහි අන්තර්ගතය සමඟ ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් චමින්ද ගුණරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.