පාස්කු ත්රස්ත ප්රහාරය සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
කඩිනමින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර පාස්කු ප්රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වා එහි වර්තාව රට හමුවේ තබන ලෙස එම මන්ත්රීවරුන් ඉල්ලා සිටිති.
ජොන්ස්ටන් ප්රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්රනාන්දු, සනත් නිශාන්ත පෙරේරා, සුදර්ශනි ප්රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මෙවැනි ත්රස්ත ප්රහාරයකට යොමුවූ කරුණූ මොනවාද, ඊට වගකිවයුත්තන් කවුරුන්ද, මෙම අන්තවාදි කණ්ඩායම්වලට දේශපාලන රැකවරණ ලබාදුන්නේ කවුරුන්ද, මෙය වළක්වා ගැනීමට හැකියාව තිබියදී වළක්වා ගැනීමට නොහැකිවූයේ ඇයිද කියාත්, ඊට වගකිවයුත්තන් කවුරුන්ද කියාත් වඩාත් සාධාරණ පරීක්ෂණයක් සිදුකර රටට හෙළිකිරිමට ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන බව එම මන්ත්රි පිරිස පෙන්වා දෙති.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ ගැන සමාජයට කිසිදු විශ්වාසයක් නොමැති බවත්,පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් බුද්ධි නිලධාරීන් රටට හෙළිකිරීම පමණක් සිදුකර තිබෙන බවද එම මන්ත්රි පිරිස පවසති.
ස්වාධීන කොමිෂන් සභාවක් පත්කර ගැනීම සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවද ඔවුහු සඳහන් කරති.