එළැඹෙන 13 වැනිදා ආරම්භ වීමට නියමිත රුහුණු මහා කතරගම දේවාලයේ 'සුරකිමු සොබා දහම' යන තේමාව යටතේ පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය පොලිතින්වලින් තොරව සිදු කිරීමට අපේක්ෂා කරන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඊයේ (10දා) 'අද'ට පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කතරගම දේවාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
පෙරහර මංගල්‍යය සමයේ කතරගම පූජා භූමිය පොලිතින් හෝ ප්ලාස්ටික්වලින් තොර පවිත්‍ර භූමියක් ලෙස තබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන මෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ඇසළ මංගල්‍යය ආරම්භ කිරීමට පෙර නොයෙක් මාධ්‍ය ජාල හරහා මෙම පණිවුඩය මේ දිනවල ප්‍රචාරය කරමින් පවතින අතර, ඒ සඳහා විවිධ ආයතනද මේ වන විට විශාල සහයෝගයක් ලබා දීමට ඉදිරිපත්ව තිබේ.
එම දිනවල පොලිතින් බෑග් රැගෙන පැමිණෙන සෑම වන්දනාකරුවෙකුටම රෙදි බෑග් ලබා දීමට අපේක්ෂා කරන අතර, මීට අමතරව ශ්‍රී ලංකා පොලිසීය හා මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගය ඇතිව පූජා භූමියේ විවිධ ස්ථානවල පොලිතින් එකතු කිරීම සඳහාද වැඩසටහනක් සංවිධානය කර ඇත.
ෂෙහානි දිල්රුක්ෂිකා/ඡායාරූපය මිහිර බණ්ඩාර දිසානායක
