කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ධූරය සති දෙකකට අත්හිටුවීමින් හම්බන්තොට මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
කතරගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් විසින් හම්බන්තොට මහාධිකරණයේ ගොනු කල නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
පසුගියදා කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාවක් දෙවරක් පරාජය වීමෙන් පසුව සභාපතිවරයා වෙනුවට නියෝජ්‍ය සභාපතිවරයා වැඩබලන සභාපති ලෙස පත් කල යුතු නමුත් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයාට තවදුරටත් එම ධූරයේ කටයුතු කල හැකි බව දන්වා තිබුණි.
මෙම ගැසට් නිවේදනයට එරෙහිව අදාල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් විසින් ගොනු කල නඩුව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.