ජනපති අපේක්ෂකයා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණයත් සමග තමන් 100% සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. ජනපති අපේක්ෂකයා පිළිබඳ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් ගත නොහැකි බවත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු සියල්ලක්ම එකතුවී තීරණය ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පමණක් මේ තීරණය (ජනපති අපේක්ෂකයා) ගන්න බෑ. පක්ෂයේ මන්ත්‍රී මණ්ඩලය ඉන්නවා. මේ සියල්ලක්ම එකතුවෙලා සාකච්ඡා කරලා තමයි තීරණය ගන්නේ.
පක්ෂයෙන් ගන්න තීරණයට මම එකඟ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සජිත් ඇමතිතුමාද? කථානායකතුමාද? අග්රාමාත්යතුමාද? පක්ෂය කවුද තීරණය කරන්නේ ඒකට අපි සියයට 100ක් සහයෝගය දෙනවා.
අත්දැකීම් වලින් ගොඩක් පරිණත නායකයෝ ඉන්නවා අපේ පක්ෂයේ. ඒ අය තමයි ඉදිරියට එන්නේ. ඉදිරියට ජනතාවට අවශ්‍යතාවක් තිබෙනවා නම් අපි වගේ කට්ටිය ඉදිරිපත් වෙන්න. ඒ අවස්ථාවේදී ජනතාවගේ හඬ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපි කැමතියි”