කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු පිහි ඇනුමකට ලක්ව ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිද්ධිය ඊයේ රාත්රියේ අම්පාර පාලමුනේ ප්රාදේශයේ සිදුවු බව කාත්තාන්කුඩි පොලිසියේ නිලධාරියෙකු පැවසීය.
පොලිස් නිලධාරියෙකුවන එම් තස්බීර් 34 යන අය මෙම සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වුණි.
පාලමුනේ නිවසේ ඇතිවු පවුලේ ආරවුලකදී මෙම පොලිස් නිලධාරියාව ඥාතියෙකු පිහියෙන් ඇන බවට වාර්ථා වේ.
ඔහුගේ මෘත දේහය පශ්වාත් මරණ පරීක්ෂණය සදහා අක්කරයිපත්තුව ඒලුවෙට්ටුවාන් රෝහලේ තැන්පත් කර ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.
මඩකලපුව ටීඑල් ජව්ෆර්කාන්