මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලැබූ 55 දෙනෙකු අද (10) ඔවුන්ගේ පදිංචි ස්ථානවලට පිටත්කර යවන ලදී.
ඔවුන් පිටත්කර යෙවීම අද උදේ කාත්තාන්කුඩි මුලික රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
එම අවස්ථාවේදී කාත්තාන්කුඩි නගර සභාවේ නගරාධිපති එස් එච් අස්ෆර් මහතාගේ සංවිධානයෙන් ඔවුන් සදහා පලතුරු හා කෑම වර්ග වතුර බෝතල් ලබා දුන් අතර දරුවන් සදහා තෑගී පිරිනමන ලදී.
මෙම අවස්ථාවට කාත්තාන්කුඩි මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි එම් එස් ජාබීර් මඩකලපුව් කල්ලඩි 231 වන බලකායේ බ්රිගේඩියර්යර් පල්ලෙකුඹුර හා අණදෙන නිලධාරි මේජර් එහෙලපොළ කාත්තාන්කුඩි නගර සභාවේ නගරාධිපති එස් එච් අස්ෆර් ඈතුලු හමුදා උසස් නිලධාරින් සහභාගි වුහ.
රෝහලේ පිවිසුම් මාර්ගයේ සිංහ ධජය එසවමින් ඔවුන් පිටත් කර යවන ලදී.
හමුදාවේ සංවිධායෙන් බස් දෙකකින් ඔවුන් පිටත් කරන හරින ලදි.
කාත්තාන්කුඩි මුලික රෝහල කොරෝනා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරිමෙන් මෙතෙක් 62 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින ලදී.
ඔවුන්ගෙන් මුළුමනින්ම සුවය ලැබූ 55 දෙනෙකු ඔවුන් පදිංචි ස්ථානවලට පිටත් කරවන ලදී.
මොවුන් කොළඹ බණ්ඩාරනායක පෙදෙස හා බේරුවල මතුගම ජා ඇල යනාදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මඩකලපුව වාර්තාකරු ටි එල් ජ්ව්ෆර්කාන්