මාධ්‍යවේදී "කීත් නොයාර්" පැහැරගෙන ගොස් පහර දි බරපතළ තුවාල සිදු කිරිමේ සිද්ධියට ආදාළව ඊයේ (22) නීතිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදාවේ බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දින ඔහුව විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවිමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අද (23) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවිමට නියමිතය.
2008 වර්ෂයේදි මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දිමේ සිද්ධියටද මොහුව සැකකරන අතර එම නඩුවට ආදාළව හඳුනා ගැනිමේ පෙරට්ටුවක් සඳහාද ඔහුව ඉදිරිපත් කිරිමට නියමිතය.
කෂිනි හපුආරච්චි