කොන්ක්‍රීට් කණු මත සහ ලී කණු මත ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි යකඩ පාවහන් යුගලක් නිර්මාණය කිරීමට හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා සමත්ව ඇත.
විදුලි රැහැන් ඇදීමට සහ එහි නඩත්තු කටයුතු සඳහා කොන්ක්‍රීට් කණු මත නැගීමට මේ දක්වා අනුගමනය කරනුයේ ඉනිමගක් යොදා ගැනීමය.
ඉනිමගක් රැගෙන යෑමට තිබෙන අපහසුතාවත්, ඉනිගමක නැගීමේදී තිබෙන අනාරක්ෂිතභාවයත් ගැන අධ්‍යනයක නිරත වූ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා මෙම නව නිර්මාණය පිළිබඳ අවධානය යොමු කර ඇත.
යම් කෙනෙකු පයින් ගමන් කරන වේගයටම මෙම පාවහන් යුගලයෙන් කොන්ක්‍රීට් කණු මත නැගිය හැකි බවත්, එම කොන්ක්‍රීට් කණු මත නගින සේවකයාට මේ තුළින් දැඩි ආරක්ෂාවක් ලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
කිලෝවක් පමණ බරකින් යුතු මෙම නව නිර්මාණ පාවහන් යුගල විදුලිබල මණ්ඩලයට හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත්, මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් නිහාල් සමරකොන් මහතා ප්‍රකාශ කළේය.
විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයට 5S සංකල්පය හඳුන්වා දීමට කටයුතු කළ නිලධාරියෙකු වන අතර, හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයද ඒ අනුව 5S සංකල්පය යටතේ කටයුතු කරයි.







