කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) දින පැවසීය.
හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය - 2020” සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේය.
කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි. එය, අප රටෙහි සෑම අංශයකම නියෝජනය වීම සතුටක්. අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 52 ක් සඳහා එම අංශය දායක වෙනවා. සමස්ත රැකියාවන්ගෙන් සියට 45 ක් ඊට අයත්. එසේම, එම අංශය, දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් සියට 75 කින් සමන්විතයි.
මුදල් අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව, කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 100 ක මුදලක් ප්‍රදානයක් කිරීමට හැකිවීම, සතුටට කරුණක්.
අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හදුන්වා දෙමින්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත නගාසිටුවීමට අවශ්‍ය පියවර ගත්තා.
වත්කම් හිඟකම නිසා අලුතින් පිහිටුවන සමපාර්ශ්විය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, විදේශීය මුදල් ලබාදෙන ආයතනවල සහාය ලබාගෙන මෙම ආයතනය පිහිටුවීම සඳහා මාගේ සහාය ලබා දෙනවා.”