කදාන ආශ්රිත ප්රදේශවලට මත්කුඩු බෙදා හැරි බවට සැකකරන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුඩු රුවන් නැමැති මෙම සැකකරු දැනට බන්ධනාගර ගතව සිටින රංජිත් කුමැර නොහොත් කොණ්ඩයාගේ ගෝලයෙකි.
වයස අවුරුදු 30ක් වන මෙම සැකකරුගේ බැංකු ගිණුම් තුළ පසුගිය මාස හතක කාලයක් තුළ රුපියල් කෝටි 7ක පමණ මුදලක් සංසරණය වී තිබේ.
එසේම ඔහු හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන රන් ආභරණ හා යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.