කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනිමට ඔහු පසුපස දිවගිය පොලිස් නිලධාරියෙකු අදාළ සැකකරු සමග අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරලී සැකකරු හා පොලිස් නිලධාරියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය පවසයි.
මිගමුව ප්‍රදේශයේ සිට මාතලේ උකුවෙල උඩතැන්න දොඹගොඩ ප්‍රදේශයට වැන් රථයකින් කුඩු හා ගංජා ප්‍රවාහනය කරන බවට මාතලේ පොලිසියට ලද තොරතුරකට අනුව එම මාර්ගයේ මාර්ග බාධකයක් යොදා අදාළ වෑන් රථය නවතා සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිස් කටයුතු කර තිබියදී අදාල වෑන් රථය මාර්ග බාධකයේදී වාහනය නතර කරන ලෙස පොලිසිය ලබා දුන් නියෝගය පිළිනොගෙන අණනොතකා ධාවන කර ඇත.
අණනොතකා ධාවනය කළ වෑන් රථය පිටුපස යතුරුපැදිවලින් හබාගොස් තිබේ. අදාල සැකකරු එකවරම වාහනය නතර කර ප්‍රපාතයකට දිවගොස් ඇත. ඒ පිටුපස දිවගිය උපපොලිස් පරික්ෂක දේශප්‍රිය නවරත්න මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගැනිමට යාමේදී අඩි 15ක් පමණ ප්‍රපාතයට දෙනොටම පෙරලිමෙන් දෙදෙනාටම තුවාල සිදුවි ඇත. සැකකරු පරික්ෂා කිරිමේදී ඔහුගේ සාක්කුවේ තිබි කුඩු මිලිගෑම් 2210ක් ද වෑන් රථයේ තිබි කුඩු මිලි ග්‍රෑම් 1400ක් ගංජා මිලිග්‍රෑම් 27200ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම් මාතලේ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවිමෙන් මාතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහාගේ උපදෙස් පිරිදි මාතලේ කොට්ඨාස දුෂණ මර්දන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව් එන් වල්පොල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.
අදාළ සැකකරුහට 54 වගන්තිය යටතේ මාතලේ අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.