කුඩු ග්රෑම් 9ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරුවූ අවුරුදු 38ක් වන සුසන්ත ප්රියජනක කොස්තා නම් දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30දා) මරණ දඬුවම නියම කළේය.
2017 වසරේ මැයි මාසයේදී මෙම විත්තිකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව පෙර වැරදි හයක්ද තිබුණි.