යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අභ්‍යන්තර ගුවන් සේවාවක් භාවිතා කරමින් විදේශිකයන් කණ්ඩායමක් පැමිණ තිබේ.
නවසිලන්ත ජාතිකයන් පිරිසක් වන මෙම විදේශිකයන් කණ්ඩායම 'සිනමන් එයාර්' නමැති අභ්‍යන්තර ගුවන් සේවාවකට අයත් 'C 79102 Colombo' නමැති ගුවන් යානයෙන් අද (19දා) පස්වරු 2.00ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
මත්තල සිට කටුනායක ගුවන්තොටුපොළට යළි 2.15 පමණ අදාළ ගුවන් යානය පිටව ගොස් ඇති අතර, මත්තල සිට කටුනායක බල ගමන් කිරීම සඳහා තවත් විදේශිකයන් පිරිසක් එම ගුවන් යානය භාවිතා කර තිබේ .
රාහුල් සමන්ත



