2020 මාර්තු 17 දින සිට බලපැවැත්වෙන පරිදි දින තුනක් (3) සඳහා රජය විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම සහ නිශ්චිතව දක්වා ඇති අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම හැරුණු විට, පෞද්ගලික අංශයටද එය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටීම සහ අනෙකුත් වැළැක්වීමේ පියවර සලකා බලමින්, ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමග සාකච්ඡා කර කොළඹ කොටස් හුවමාරුවද අද (18දා) ගනුදෙනු සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.
මේ ආකාරයෙන් කොටස් හුවමාරුව වසා දැමීම සිදුකරන්නේ, COVID-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා වන මහජන අන්තර්ක්‍රියා අවම කිරීම සහ සියලු වෙළෙඳ පොළ සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බව කරුණාවෙන් සලකන ලෙස කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් දන්වා සිටියි.