කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විදේශ රටවල සිට පැමිණි ගුවන් යානා 10 කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 511 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව අද (16දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පැමිණ තිබුණි.
තවත් ශ්‍රී ලාංකිකයන් 531 දෙනෙකු රැගෙන ගුවන් යානා 14 ක් මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ .
එසේම කටුනායක ගුවන් තොටුපළ සිදු කළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සදහා ගුවන් යානා 05 ක් සම්බන්ධ වී තිබූ අතර ඒවායින් කිලෝ ග්රැම් 440,393 ක් බරැති භාණ්ඩ තොගයක් මෙහෙයුම් සදහා යොදා ගෙන තිබුණි .
එයින් කිලෝ ග්රැම් 127,879 බරැති භාණ්ඩ තොගයක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත ආනයනය කර තිබූ අතර , තවත් කිලෝ ග්රැම් 312,514 ක් බරැති භාණ්ඩ තොගයක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් වෙත අපනයනය කර තිබේ.