කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි.
පසුගිය දිනවල බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයේ වතු කරයට පැමිණෙන පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට කිරිමෙන් පසු කොවිඩ් 19 ආසාදියන් බවට හදුනා ගත් පුද්ගලයන්ගේ ළගම ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම කොවිඩ් 19 ආසාදිතයන් හදුනා ගත් බවද ඔහු පවසන ලදි.
මෙම ප්‍රදේශවල මේ වන විට පවුල් පනහක් පමණ ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය ගනේෂ් මහතා වැඩිදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා - හැටන්