රුපියල් මිලියන හැටකට වඩා වැඩි වටිනාකමකින් යුත් වාලම්පූරි දෙකක් අලෙවි කිරීමට සැදු සිවුදෙනෙක් ඊයේ (30 ) රාත්රියේදි ඉමදූව බෝදාගොඩදි සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ කලුතර කදවුරේ නිලධාරින් සමත්වූහ.
මේ වාලම්පුරි දෙක ටයිටැන් වර්ගයට අයත් දුර්ලභ වාලම්පූරි දෙකක් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් වාලම්පූරි දෙක හා සැකකරුවන් හතර දෙනා වැඩිදුර පරීක්ෂණ සදහා ඉමදූව පොලීසියට භාරදි ඇත.
මේ පිලිබදව ඉමදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.