කොටිනායක ප්රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු සැමරුම් දිනයන් යෙදී ඇති නොවැම්බර් මස 26 සහ 27 දිනයන් වෙනුවෙන් මේ දින වල උතුරේ ස්ථාන කිහිපයක පෙර සූදානම් වැඩසටහන් රැසක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ යාපනයේ කෝපායී ප්‍රදේශයේ ඉඩමක් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවති.
එමෙන්ම යාපනය වැල්වැටිතුරෙයි , කෝපායි ඇතුළු ප්‍රදේශ කිහිපයකද කිලිනොච්චිය කනකපුරම් ,විෂ්වමඩු, මුලතිව් මුල්ලියාවලෙයි, මුල්ලිවයික්කාල්, මන්නාරම වෙඩිතලතිව්, වවුනියාව ඊච්චන්කුලම් ආදි ප්‍රදේශයන්හි යුද සමයේදී පැවති මහවිරු සුසාන භූමි තිබූ ස්ථානයන්හි මේ වසරේද මහවිරු සැමරුම් පැවැත්වීමට සංවිධායකයින් විසින් පියවර ගෙන ඇත.
මහවිරු සැමරුම් සිදු කෙරෙන ස්ථාන පෙර සූදානම් කටයුතු උතුරේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.