මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සගවා තිබූ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ තොගයක් ඊයේ සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ කයිවේලි තේරාවිල් ප්රදේශයේ අදාළ කොටි යුද උපකරණය සගවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ප්රදේශයට ගොස් සිදු කරන ලද සෝදිසියකදී අදාළ යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදී සොයාගත් කොටි යුද උපකරණ තොගය අතර කාලතුවක්කු උණ්ඩ 01, පුද්ගල නාෂක බෝම්බ 05ක්, මිලිමීටර් 81 වර්ගයේ පැරා මෝටාර් 01, මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි ක්රිෂ්ටි සෙල් මෝටාර් 02යි, ආර්.පී.ජී.01 ක් මේ අතර වෙයි.