බරපතළ ගණයේ සංවිධානාත්මක අපරධකරුවන් රඳවා සිටින ගාල්ල, බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙක් වන කංජිපානි ඉම්රාන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබේ.
වාර්තා වන පරිදි ආහාර වර්ජනයේ නිරතව සිටි කංචිපානි ඉම්රාන්ගේ පපුවේ වේදනාවක් ඇතිවීම නිසා ඔහුව බන්ධනාගාරයේ රෝහල් වෛද්‍යවරයා වෙත යොමු කිරිමෙන් පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බුස්ස නාවික හමුදා රෝහල වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
ඊයේ දිනයේ සිට කංජිපානි ඉම්රාන් ඇතුළු රැඳවියන් 37 දෙනෙකු ආහාර වර්ජනයේ නිරතව සිටියි.