හබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 34 දෙනෙකුට කෝරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ රාත්‍රි (07දා) තහවුරුවිමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරිමට පියවරගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අය අතර පිරිමි 05 දෙනෙකු හා කන්තාවන් 29 දෙනෙකු සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. මේ අයගේ පි.සි.ආර්. පරික්ෂණ කොළඹදි සිදුකොට ඇති අතර කොරෝනා අසාදනය වි ඇති බවට තහවුරුවු රෝගින් 13 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහලටත්, 05 දෙනෙකු හම්බන්තොට රෝහලටත්, කාන්තන්කුඩි රෝහලට 04 දෙනෙකු මුල්ලෙරියාව රෝහලට එක් අයෙකු අයි.ඩි.එච් රෝහලට 02 දෙනෙකු, 09 දෙනෙකු කඹුරුගමුව රෝහලවෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යඥවරයා සදහන් කළේය.
මේ වනවිට මෙකි හෝටලයේ මිනුවන්ගොඩ ඇගලුම්කම්හලේ සේවක සේවිකාවන් 300 දෙනෙකු පමණ නිරෝධායනය වෙමින් සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.