උත්සව සමයේදී අවශ්‍ය තරම් කුකුල් මස් හා බිත්තර සපයන බවට දේශීය නිෂ්පාදකයින් සඳහන් කිරීම හේතුවෙන් එම ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම සිදුනොකරන බව පශු සම්පත් රාජ්‍ය පරිපාලක හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ නිසා පාරිභෝගිකයාට හානියක් නොවන ලෙසට මිල පාලනය කරන ලෙසටද අමාත්‍යාංශය ලෙස නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.
මීට අමතරව කුකුල් කර්මාන්තයේ නිරත පිරිස්වලට ඇතිවී තිබෙන කුකුල් කෑමවලට විසඳුමක් ලෙස බඩඉරිගු අවශ්‍ය ප්‍රමාණයට ගෙන ඒමට අමාත්‍යංශය මගින් අවසර ලබා දී තිබෙන බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒ අනුව දේශීය නිෂ්පාදකයින් රටට අවශ්‍ය තරම් බිත්තර හා කුකුල් මස් ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන නිසා එම ද්‍රව්‍ය රටින් ගෙන්වීමට අවසර ලබා නොදීමට අමාත්‍යංශය තීරණයක් ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.