පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට පත් කංජිපානී ඉම්රාන් නැමැති සංවිධාන්තාමක අපරාධකරුගේ ප්රධාන සහායකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (13දා) මාලිගාවත්තේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. මෙම සැකකරු ඉම්රාන් වෙනුවෙන් කප්පම් මුදල් එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙයි.