බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කරනු ලැබුවේ ඊයේ (01) අලුයම් කාලයේදීය.
