2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිළ අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිළ නියාමනය කිරිම තම ප්රමුඛ කාර්යය බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
නව වසරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු අද (01දා) පෙරවරුවේ ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, 2019 වර්ෂයේ දී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම තම අරමුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
“අපේ රටේ රෝගීන්ගෙන් සියයට 75 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. බෝනොවන රෝග නිසා ජනතාව මිය යන්නේ දැනුවත්කමින්. තමන් මුදල් වියදම් කරලා තමයි මෙම රෝග හදා ගන්නේ. ඒම නිසා ආහාර භාවිතය ඉතාම වැදගත්.
පසුගිය වසර කිහිපය තුල දී දුම්කොළ භාවිතය අවම කිරිමට කටයුතු කළා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දෙමින් පැණිබීම කර්මාන්තය උඩු යටිකුරු කළා. මනුෂ්‍ය ශරීරයට දිනකට අවශ්‍ය වන්නේ සීනී හැදි 04 යි. නමුත් පැණිබීම හේතුවෙන් ඊට වඩා සීනි හැදි ප්‍රමාණයක් අපි ශරීරයට ඇතුලත් කර ගන්නවා.
පැණිබීම නිෂ්පාදනය වෙනසකට ලක්කරමින් සීනි රහිත පැණිබීම නිෂ්පාදනය කළා.දින 53 ක දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා මෙම පැණිබීම බද්ද විශාල ලෙස අඩු කළා.
මම අමාත්‍යාංශ ලේකම්වරියගෙන් අද ඉල්ලා සිටිනවා පැණිබීම බද්ද පෙර තිබූ තත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස. මම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමත් මෙම වසරේ දී සිදු කරනවා.
පසුගිය දිනෙක මට වාර්තා වුණා හදවත් සැත්කමක් සඳහා ඇතුලත් කළ රෝගියෙකුගෙන් ස්ටෙන්ස් ඒකකට ලක්ෂ තුනහමාරක් අරගෙන තිබෙන බව. මම ස්ටෙන්ස් මිල එක්ලක්ෂ පන්දහස දක්වා අඩු කර තිබෙනවා. සේවා ගාස්තු අය කරනවා කියලා අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාගෙන කනවා. සාමාන්‍ය මධ්‍යම පංතිකයින්ට ප්‍රතිකාර ලබාගත හැකි පරිදි පෞද්ගලික රෝහල් මිල නියාමනය කරනවා.”