ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වි එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 ක් අද (27) දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වූහ .
ඔවුන් ඕමානයේ වසර දෙකකට අඩු කාලයක් සේවය කර තිබුණ ද , ඔවුන්ට ඒ සදහා වැටුප් ගෙවා නොතිබුණි .
ඔවුන් ගෘහ සේවය සදහා යොමු කළ ඕමානයේ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදර ඔවුන්ට සිදු වි තිබූ අතර , වැටුප් නොගෙවීම නිසා ද , මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට , පලා විත් , එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට , යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර , ඔවුන්ට හිමිවිය යුතු වැටුප් , එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබුණි .
පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් ඕමානයේ " සබායා ගිලිස් " සහ " අබු අලීෆා " හි රැඳවුම් මධ්‍යස්ථාන වල රදවා තිබි ඇත . මෙම රැඳවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව , අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටිය බැව් මෙම කාන්තාවන් පැවසීය .
මෙම පිරිස ඕමානයේ මස්කට් සිට පැමිණි සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
