හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු ඊයේ (06දා) ජනපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.
රජයේ විවිධ තනතුරු හොබවා ඇති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම් තනතුරට පත්කිරීමට පෙරාතුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කළේය.
