ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ෙ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරු මත ඔස්ට්‍රෙලියානු රැකියා ලබාදෙන පවසමින් මුදල් එක් රැස් කළ මෙම කාන්තාව බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්තඅඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත.
මේ පිළිබදව වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙම කාන්තාව දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රු.9,800,000කට ආසන්න මුදලක් වංචාකර ඇති බව හෙළිවිය. මෙම සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
මෙම වංචාවට හසුවූ තවත් අය මේ වන විට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කරමින් පවතී.
