ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය අද (07දා) දේශීය වශයෙන් හඳුනා ගැනුණු නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සතියක් තුළ එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති ඉහළම ආසාදන සංඛ්‍යාව බව නිවේදනය කරයි.
ඒ අනුව එරට නවතම කොවිඩ්-19 සම්ප්‍රේෂණය සමග මේ වනවිට අධික ආසාදනයක් ඇති කරන ඩෙල්ටා ප්‍රභේදයද ඔස්ට්‍රේලියාවෙන් හඳුනා ගැනීම තුළ බලධාරීන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
රටේ දෙවැනි වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන වික්ටෝරියා අද (07දා) දේශීය වශයෙන් හඳුනා ගත් නව ආසාදිතයන් 11ක් වාර්තා කර ඇති අතර, එය දිනකට පෙර ආසාදන 2ක් පමණක් වර්තා කළේය.
මෙම සඳුදා දත්තවලට ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද සිද්ධීන් දෙකක්ද ඇතුළත් වන නමුත්, එම සිද්ධීන් දෙක ඊයේ මධ්‍යම රාත්‍රියේ නියමිත කාල සීමාවෙන් පසුව වාර්තා වීම නිසා අද දිනයේ අගයට එකතු කර ඇති බව කියයි.
හදිසි අගුලු දැමීම්, දැඩි දේශ සීමා සීමා කිරීම් සහ සමාජ දුරස්ථ කිරීම් සමග වෛරසය පාලනය කිරීමට ඔස්ට්‍රේලියාව ලොව සෙසු ධනවත් රටවල් සමග සැසඳීමේදී සාපේක්ෂව වසංගතය හමුවේ සාර්ථකව ඊට මුහුණදුන් රාජ්‍යයකි.
ඒ නිසාම පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මෙතෙක් කොවිඩ්-19 ආසාදිතයන් 30,100කට මදක් වැඩියෙන් සහ මරණ 910ක් ඔවුන් වාර්තා කර ඇති අතර, එම ආසාදනවලින් තුනෙන් දෙකක් මෙන්ම මරණවලින් 90%ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් හඳුනාගෙන තිබුණි.
නමුදු එන්නත්කරණයේදී ඔවුන් සෙසු ධනවත් රටවල් තරම් වේගවත් නොවීම හේතුවෙන් වර්තමාන කොවිඩ්-19 ආසාදන පොකුරු සමග යම් තිගැස්මක් ඇති කර තිබේ. මේ තත්ත්වය තුළ දැන් ඔස්ට්‍රේලියාව එරට ජනතාව කඩිනමින් එන්නත්කරණයට ලක්කිරීමට වැඩසටහන් ආරම්භ කර තිබේ.